fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි මාස තුනේදී රටේම ආර්ථිකයේ වෙනසක්

    ඉදිරි මාස තුනේදී රටේම ආර්ථිකයේ වෙනසක්

    ලබන ජනවාරි, පෙරබාරි, මාර්තු වනවිට රටේ ආර්ථිකයේ වෙනස ඇති කිරීමට රජය අපේක්ෂා කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ නව අයේජන අවස්ථා රැසක් නිර්මාණය වී ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වනු ඇති බව ද හෙතෙම කියාසිටී.

    විදේශ ණය ගෙවීමට නොහැකිව මෙරට බංකොලොත් රාජ්‍යක් බවට ප්‍රකාශයට පත්වීමත් සමඟ අහිමි වූ විදේශ අයේජනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟම යලිත් රට තුලට ගලා ආරම්භ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ අනුව ඉදිරියේදී මෙරට තුල නව ව්‍යාපෘති රැසක් නිර්මාණය වනු ඇති බවත් එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල පිබිඳීමක් සිදුවන ඇති බවටද ඔහු විශ්වාසය පළ කළේය.

    ආමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    “අවුරුදු එකහාමාරකට විතර ඉස්සෙල්ලා අපිට මොන වැඩක්වත් තිබුනේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්න අමාරු තැනකට වැටුනා. මොන කාර්මාන්තයක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ. අදටත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිසි ආරම්භයක් සිදුවෙලා නැහැ. තාමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නේ ඉතාමත්ම සෙමින්. දැන් තමයි ටික ටික පටන් ගන්න හදන්නේ. ජනවාරි, පෙරබාරි, මාර්තු වෙනකොට තමයි රටේ ආර්ථිකයේ වෙනස ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

    අපිට වැට් බදු ගහනවා, විදුලි බිල, ජල බිල, ජීවන වියදම වැඩී කියලා චෝදනා එල්ල වෙනවා. ඒත් මුකුත් නැතිව මේ රටේ මිනිස්සු මැරිල යන එක වලක්වාගන්න අපිට පුළුවන් වුනා. ඒ වගේම අපි ටිකක් අමාරුවෙන් කාලය ගත කළා. ඒත් දැන් ඇවිත් තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි.

    අපි ණය ගෙවනන් බැරිව බංකොලෙත් රාජ්‍ය විදිහට නම් කරපු රටක්. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුනා. තව ටික දවසකින් අපිට අපි බංකොලොත් නෑ කියලා කියන්න හැකියා ලැබෙනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වලට අදාල සියලු එකඟතා අපිට ලැබෙමින් පවතිනවා. ඒත් එක්කම අපිට නව අයෝජන ගලා ඒම සිදුවෙනවා. එතකොට නව ඉදිරිකිරීම් ඇතිවෙනවා. ඒත් සමඟම සැහැල්ලු දුම්රිය මර්ගය ඉදිකරීම වගේ ව්‍යාපෘතිත් ආරම්භ වෙනවා.

    මේවා සියල්ල සමඟ ව්‍යපෘති රැසක් ආරම්භ වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව බංකොලොත් කිව්ව නිසා ආයෝජනය කරන්න බැරිවුන ආයතන රැසක් නුදුරේදීම සිය අයෝජන මෙරටට ගෙන එන්න කටයුතු කරනවා. එතකොට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවුනු පිපිදීමක් ඇතිවීමට නියමිතයි.

    ජනතාව ඉල්ලුවා සිස්සටම් එක මාරු කරන්න කියලා. සිස්ටම් එක මාර කරනවා කියන්නේ ඔළු ගෙඩි මාරු කරන එක නෙමෙයි. එතනදි වෙන්න ඕනේ සිස්ටම් එක වෙනස් වීමයි ඒ නිසාමයි අපි මේ ආර්ථික වැඩපිළවෙල වෙනස් කරන්න කටයුතු කළේ.”

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.