fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවට ක්‍රිකට් තහනමක් ඉල්ලූ ලියුමක් ගැන ක්‍රීඩා ඇමතිත් හෙළිකරයි

    ලංකාවට ක්‍රිකට් තහනමක් ඉල්ලූ ලියුමක් ගැන ක්‍රීඩා ඇමතිත් හෙළිකරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය(SLC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

    අද (19) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙය රට පාවා දීමේ වෑයමක් බවයි.

    2023 නොවැම්බර් 07 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පසුගියදා ප්‍රකාශයට පත්කිරීම නිවේදනය කිරීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව සඳහාම පමණක් වෙන්වූ, ඉන්දියාව පදනම් වූ ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් වන, ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කළේ මෙම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලපෑමකින් යුතුව සිදුවූවක් බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.