පන්නල ප්‍රදේශයේ පිහිටි අක්කර 04යි පර්චස් 23ක ඉඩමකට ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර රුපියල් ලක්ෂ 160කට එම ඉඩම විකුණූ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ උදෑසන කාලයේදී අත්අඩංගුවට ගත්තේය.
අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර මාරසිංහගොඩ පාරේ පදිංචිකරුවෙක් වන 72 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා විසින් අදාල ඉඩමට ව්‍යාජ ඇටෝනියක් සකස්කර ඉඩම තමාට පවරාගෙන මෙම වංචාව සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත්තේ පසුගිය 2017 වසරේදීය. වසර 06ක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත සහ රුපියල් 10,000ක මුදල් ඇප මත මුදා හැර ඇත.