fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවාඩු අවලංගුව නොතකා තැපැල් ‍සේවකයෝ වැඩවරති

    නිවාඩු අවලංගුව නොතකා තැපැල් ‍සේවකයෝ වැඩවරති

    යලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබියදී, සිය දෙදින සංකේත වැඩවර්ජනය ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

    එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකුණා දැමීමට රජය ගෙන ඇති සැලසුම් අත්හැරිය යුතු බවයි.

    නොවැම්බර් 8, 9 සහ 10 යන තෙදින තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ කර තිබුණි.

    නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර ප්‍රකාශ කර ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් කිසිදු තැපැල් කාර්යාලයක් වසා නොදැමෙන බවයි.

    රජයේ ප්‍රතිපත්තියට අනුව වඩාත් ඵලදායී ආයෝජන අවස්ථාවක් සඳහා ඉඩ සැලසීම සඳහා නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ එකඟතාව ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවත් ඔහු පවසා ඇත.

    නුවරඑළිය තැපැල් කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ඒ වෙනුවට සුදුසු ගොඩනැගිල්ලක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙන බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහතික වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

    ඡායාරූපය – සංචාරක ආකර්ෂණය දිනාගත් නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිටදී, එහි සංචාරයට පැමිණි විදේශිකයන් පිරිසක් විසින්, එම දේපළ හෝටල් ව්‍යාපෘතියට ලබාදීමට එරෙහි පාඨ සඳහන් පුවරු එල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන, සමාජ ජාලයේ සංසරණය වූ ඡායාරූප පෙළකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.