නායයෑමේ අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බෙරගල, බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 42ක් ඉවත් කර තිබේ.
පසුගියදා එම ප්‍රදේශයේ ඇති වූ නායයාමකින් නිවාස දෙකකට හානි සිදුව ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පවසයි.
අවතැන් වූ ඇතැම් පවුල් අසල පාසලක නවාතැන් ගෙන සිටී.
තවත් පිරිසක් තම ඥාතීන්ගේ නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් හපුතලේ – යහලබැද්ද මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.
මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට සහ මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
පවතින වර්ෂාවත් සමඟ අත්තනගලු ඔය සහ නිල්වලා ගඟ පිටාර ගැලීමේ අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා අනතුරු අඟවන්නේ ඒ අවට පහත් බිම්වල වෙසෙන අය අවධානයෙන් පසුවිය යුතු බවයි.
අද (07) රටේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරයි.