fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්12 වසරක ජාතික රණවිරු සැමරුම

    12 වසරක ජාතික රණවිරු සැමරුම

    “ජාතික රණවිරු සැමරුම” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, පාර්ලිමේන්තු සංකීර්ණය අසල රණවිරු ස්මාරකය අභියසදී අද (19) පස්වරුවේ චාම් සහ අභිමානවත් අයුරින් පැවැත්විණ.

    දශක තුනක කාලයක් පුරා පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 12ක් සපිරේ. 

    එහිදී  යුද, ගුවන්, නාවික, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූහ.

    ආබාධිත වූ රණවිරුවෝ විසිහත්දහසකට අධිකය. 

    සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළකරමින් රණවිරු සැමරුම අභිමානවත්ව සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු පිරිස, මියගිය රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.

    ශ්‍රී ලංකා රණවිරු අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව කළාය.

    යුද හමුදා ගෞරවාචාර මැද ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පෝපහාර දැක්වීය.

    ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකයට මල්කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.