නිසිපරිදි දීමනා ලබාදෙන තුරු ජන සංගණන කාර්යයෙන් ඉවත්ව සිටින බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා අවධාරණය කරන්නේ බලධාරීන් සහ ජන සංගණන දෙපාර්තමේන්තුව දීමනා ලබාදීම් සම්බන්ධයෙන් අත්තනෝමතිකව කටයුතු කරන බවයි.
සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම්වරයා පවසා සිටියේ, ජන සංගණනයේ මූලික අදියර වන සිතියම්ගත කිරීමේ කටයුතු සිදු කළ බවයි.