සැම්බියාවේ හිටපු ජනාධිපති එඩ්ගා ලුන්ගු නැවත ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට ගත් තීරණයෙන් පසු සැම්බියාවේ රජය විසින් ඔහුට ලබා දුන් විශ්‍රාම ප්‍රතිලාභ සහ වරප්‍රසාද ඉවත් කර ඇත.
ලුන්ගූ 2021 දී ජනාධිපතිරණයෙන් පරාජය වීමෙන් පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවට නිවේදනය කළේය. වසර හයක කාලයක් ඔහු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අතර එම කාලයේදී ඔහු අප්‍රිකානු කළාපයේ වඩාත්ම ණයගැති රට බවට සැම්බියාව පත්කළ බවටද චෝදනා එල්ලවේ.
කෙසේවෙතත් යලිත් දේශපාලනයට පැමිණීමට තමන් තීරණය කරන බවට ලුන්ගූ නිවේදන කර ඇති අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට යලිත් තරඟ කිරීමටද තමන් අපෙක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.
මෙලෙස ලුන්ගූ යලිත් දේශපාලනය පැමිණීමට තීරණය කිරීමත් සමඟ ඔහුගේ විශ්‍රාම ප්‍රතිලාභ සහ වරප්‍රසාද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සැම්බියානු රාජ්‍ය ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා ඇත.
මෙහිදී රාජ්‍ය ප්‍රකාශක සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා යලිත් දේශපාලනයට පිවිසේ නම් ඔහුගේ විශ්‍රාම වරප්‍රසාද අහමි වන බවට ඉතා පැහැදිව සඳහන් කර ඇති බවයි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ විශ්‍රාම වරප්‍රසාද ඉවත් කිරීමට පියවර ගත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
විශ්‍රාමික ජනාධිපතිවරයෙකු ලෙස, ලුන්ගු හට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු, රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්, රාජ්‍ය මෝටර් රථ තුනක්, නිවසක්, වෛද්‍ය රක්‍ෂණය සහ ඔහුගේ අවමංගල්‍යයේ සියලු වියදම් සඳහා වරප්‍රසාද හිමිව තිබිණි.