විදුලි ගාස්තු යළි සංශෝධනය කරනුයේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.
කෙසේ වෙතත් මේ මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුවිය.
එමනිසා එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලිබිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.