තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැයෙන් වැටුප් වැඩිකිරීම ගැන ජනපති ඇමතිවරුන්ට කී දේ..

    අයවැයෙන් වැටුප් වැඩිකිරීම ගැන ජනපති ඇමතිවරුන්ට කී දේ..

    ඉදිරි අයවැය මඟින් රාජ්‍ය සේවක වැටුප් හා පෞද්ගලික අංශයේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබේ.

    මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව වෙත ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කර ඇත.

    ලබන වසර සඳහා වන අයවැය මඟින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ බව සාකච්ඡා වී ඇත.

    රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිකිරීමක් ඉදිරි අයවැයෙන් යෝජනා කරන ලෙස ඉල්ලා මේ දිනවල රජයේ සේවකයෝ විරෝධතාවල ද නිරත වෙති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img