ඉදිරි අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩීමක් ඉල්ලා රට පුරා රාජ්‍ය සේවකයෝ අද දහවල් කෑම පැයේ දී සිය සේවා ස්ථාන ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වී තිබේ.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව විරෝධතාව සංවිධාන කළ අතර ඊට සංවර්ධන නිලධාරී, කළමනාකරන සේවා, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, පළාත් රාජ්‍ය සේවා ඇතුළු වෘත්තීන් ගණනාවක සාමාජිකයින් ඊට සහභාගි වී ඇත.
මෙවර අයවැයෙන් තම ඉල්ලීම්වලට විසදුමක් ලබානොදුනහොත් ඉදිරියේදී දැඩි වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වෘත්තීය සමිති පවසයි.
පවතින ගැටලුවලට දිගින් දිගටම විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත්වීම සහ එම ගැටලු මගහැර යාමට උත්සාහ දැරීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙම පියවරට සහය පළකරමින් විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන රාජ්‍ය ආයතන 300ක් පමණ උද්ඝෝෂණයට එක්වන බව වාර්තා විය.






