fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිටකොටුව පොලීසියේ යකා නැටූ මිහින්තලයේ කොස්තාපල්ට වූ දේ..

    පිටකොටුව පොලීසියේ යකා නැටූ මිහින්තලයේ කොස්තාපල්ට වූ දේ..

    සිය ගෙල බැදි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකෑ බවට පැමිණිලි කිරීමට පැමිණ කලහාකාරී ලෙස හැසිරුණු බීමත් පොලිස් කොස්තාපල්වරයෙකුව පිටකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොස්තාපල්වරයා මිහින්තලය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි.

    පවුම් 04ක් බරැති සිය ගෙලබැදි රන් මාලය සහ ජංගම දුරකථනය පිටකොටුවේදී කොල්ලකෑ බවට පැමිණිලි කිරීමට පිටකොටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයට මෙම කොස්තාපල්වරයා පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

    එම අවස්ථාවේදී එම නිලධාරියා අධික ලෙස මත්පැන් පානයකර සිටින බව පිටකොටුව පොලීසියේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත. ඔහු අපරාධ අංශයට පැමිණ ඇත්තේද පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයාට බැන වැදී බව පොලීසිය කියයි.

    ඒ වන විට මෙම නිලධාරියා සිට ඇත්තේද පැමිණිල්ලක් සටහන් කිරීමට තරම් හොඳ සිහියකින් නොවන බව පොලිස් නිලධාරීන්ට පෙනී ගොස් ඇත. එම අවස්ථාවේදී එම නිලධාරියා අපරාධ අංශයේ නිලධාරීන්ට තර්ජනය කරමින් පැමිණිල්ල සටමන්කර ගන්නා ලෙස පවසමින් කළහාකාරී ලෙස හැසිරී තිබේ.

    මේ තත්ත්වය හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත. එහිදී ද මෙම නිලධාරියා වෛද්‍යවරයාට තමාව පරීක්ෂා කිරීමට ඉඩ නොදී කලහාකාරී ලෙස හැසුරුණු බව පොලීසිය කියයි. මේ තත්ත්වය මත අධිකරණ වෛද්‍යවරයා විසින් වෛද්‍ය පෝරමයේ මෙම නිලධාරියාගේ කටින් මත්පැන් ගඳ වහනයවේ යනුවෙන් සදහන්කර ඇති බව පොලීසියය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න