තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහදවල් වෙඩිතබා වූ පැහැරගැනීම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීමක්

    මහදවල් වෙඩිතබා වූ පැහැරගැනීම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීමක්

    කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව වාහනය නතරකර අද දහවල් 12.30ට පමණ පැහැරගැනීම පැහැර ගැනීමක් නොව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමක් බව මේ වන විට පොලීසිය පාර්ශවයෙන් අනාවරණය කරයි.

    මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ වයස්ගත පුද්ගලයෙක් සහ තරුණයෙක් පැහැර ගැනීමට ලක්විය.

    පොලීස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසනුයේ විදේශයකින් තැපැල් මගින් මෙරටට පැමිණි කුෂ් තොගයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකට අදාලව මෙම දෙදෙනා අත්අඩංගුවටගත් බවය. ඒ එක් අයෙක් තැපැල් සේවකයෙක් බවද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

    කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 05ත් 07ත් අතර ප්‍රමාණයක් තැපැල් භාණ්ඩ පාර්සලයක් අතර තිබී එය නිදහස්කර ගැනීමට පැමිණ අයෙක් සමඟ මෙයට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පැත්තෙන් කියැවෙති. එම මත්ද්‍රව්‍ය මෙරට භාරගැනීමට සිටි පුද්ගලයා කොටුකර ගැනීමට යාමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා සතු ගිනි අවියක් වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව සඳහන්ය. මෝටර් රථය එම ස්ථානයේ දමාගොස් ඇත්තේ පසුව එය රැගෙන යාමේ අපේක්ෂාව ඇතිව බවද කියයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයේ පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මකය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img