fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එමිල් කාන්තන් සහ මුරුගේසු ත්‍රස්ත විමර්ශන ලැයිස්තුවෙන් ඉවතට

    එමිල් කාන්තන් සහ මුරුගේසු ත්‍රස්ත විමර්ශන ලැයිස්තුවෙන් ඉවතට

    ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් ඊයේ(23) දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මෙම පියවර ගෙන ඇත.

    ඒ අනුව නික්ලපිල්ලේ ඇන්ටනි එමිල් ලක්ෂ්මි කාන්තන් හෙවත් ‘රමේෂ්’ සහ මුරුගේසු ශ්‍රී ෂන්මුගරාජා යන දෙදෙනා මෙලෙස අදාල ලැයිස්තුවෙන් ඉවත් කර ඇත.

    2010 වසරේ රමේෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කිරීමත් සමඟ 2014 පෙබරවාරි මාසයේදී ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අසාදු ලේඛනගතකර තිබුණි.

    මුරුගේසු ශ්‍රී ෂන්මුගරාජා ද 2014 වසරේ සිට එම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි.

    ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නම් කරන ලද පුද්ගලයින්ගේ ලැයිස්තුවේ රෙගුලාසි යටතේ ඔවුන් අසාදු ලේඛනගත කර තිබුණි.

    එක්සත් ජාතීන්ගේ නියෝග යටතේ නම්කරන ලද තැනැත්තන්, කණ්ඩායම් සහ අස්ථිත්ව ලැයිස්තුව කලින් කලට මෙලෙස සංශෝධනය කරනු ලබයි.

    2355-07_S

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න