තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමනල වැවට පාවෙන බලාගාරයක්

    සමනල වැවට පාවෙන බලාගාරයක්

    සමනල වැව ජලාශයේ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීමට උනන්දුවක් දක්වන ව්‍යාපෘති යෝජකයින් වෙතින් යෝජනා කැඳවීමට රජය තීරණය කරයි.

    ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින සමනළ වැව ජලාශයේ දළ වශයෙන් හෙක්ටයාර 100ක ජල මතුපිට අවකාශය මෙගාවොට් 150-200ක පමණ පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකළ හැකි බවට හඳුනාගෙන ඇත.

    පාවෙන සූර්ය බලාගාර ඉදි කිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩම් සහිත රටවල් සඳහා වඩාත් සුදුසු විකල්පයක් වශයෙන් පිළිගෙන තිබේ.

    ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මනා විභවයක් පවතින බවට හඳුනාගෙන ඇත.

    එහිදී අදාළ යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ වන ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් යෝජනා කැදවීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img