තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනවලට අලුත් නීති එයි

    වාහනවලට අලුත් නීති එයි

    මෝටර් වාහන පනත සංශෝධනයට රජය තීරණය කරයි.

    යෝජිත ඉ-මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙම පනත ‍සංශෝධනය කළ යුතු බවට පෙනීගොස් ඇත.

    ඉ-මෝටරින් ව්‍යාපෘතිය පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

    එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අන්තර්කාලීන විධිවිධාන සැලසීම සඳහා සහ අදාළ කටයුතු සඳහා මෝටර් වාහන පනත යෝග්‍ය පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

    ඒ අනුව, එම කාර්යය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වැඩබලන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img