මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමක් හේතුවෙනි.
දුම්රිය මේ වනවිට ධාවනය වන්නේ එක් මාර්ගයක් ඔස්සේ පමණකි.
මේ හේතුවෙන් සියලුම දුම්රිය ගමන් විනාඩි 30කට වැඩි ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය කියයි.