fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් අමාත්‍යාංශයේ ජොබ්වලට බඳවාගැනීමේ‍ වෙනසක්

    මුදල් අමාත්‍යාංශයේ ජොබ්වලට බඳවාගැනීමේ‍ වෙනසක්

    spot_img

    මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    පසුගියදා පැවති පාර්ලිමේන්තු මුදල් අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එහිදී බඳවා ගැනීමේ තරඟ විභාගවලට ඉදිරිපත් වන සියළුම අපේක්ෂයන් සම්මුඛ පරීක්ෂණයට සහාභගී වීමට පෙර තමන් තරඟ විභාගයේදී ලබා ගත් ලකුණු අනුපිළිවෙළ අනුව තෝරා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    එසේම Z Score අගයට ද මෙම සම්මුඛ පරීක්ෂණවලදී අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    මේ තුළින් වඩාත් විනිවිදභාවයෙන් යුත් බඳවා ගැනීම් සිදුකර ගැනීමටත් එසේම බඳවා ගැනීම් සඳහා කරන බලපෑම් අවම කරගැනීමටත් හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img