කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කර, පත්වීම් ලබාදීමට බලධාරීන්ගේ යම් උත්සාහයක් ඇත්නම් ඊට විරෝධය පළකරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා පවසයි.
අම්පාර ඩී එස් සේනානායක විද්‍යාලයේ දී ඊයේ(21) පැවති එම සංගමයේ 69 වන වාර්ෂික සම්මේලනයේදී හෙතෙම මේ බව පැවසීය.
“කළමනාකරණ සේවාවේ පුරප්පාඩු 7000ක් පවතිනවා. මධ්‍යම රජයෙ පුරප්පාඩු 5000ක් සහ පළාත් සභා මට්ටමින් පුරප්පාඩු 2000ක් දැනට පවතිනවා. 2020 වර්ෂයෙන් විභාගය ගැසට් කලත් වසර තුනක් යනතුරු කළමනාකරණ සේවා නිලධාරී විවෘත තරග විභාගය පවත්වා නෑ. සේවාවල් රැසකට බදවා ගැනීම් සිදුකරද්දී අතීතයේ පටන් ප්‍රමුඛ සේවාවක්ව පැවති කළමනාකරණ සේවාව ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරලා නෑ. විවෘත තරග විභාගය පවත්වන ලෙස කරපු ඉල්ලීම් රැසක් ඉවත දාලා තියෙනවා. සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා විභාගයේ බදවාගැනීමට සලකාබලන, නිසි සුදුසුකම් නොසලකා බදවාගැනීමට සලකා බලන ලෙසට පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවලට සමහර බලධාරීන් යෝජනා ගෙනත් තිබෙන බවට වාර්තාවෙනවා.

සේවාවේ ගුණාත්මක භාවය හීනකරන්න උත්සාහ කරන පිරිසක් ඉන්න බව මේ තුළින් පෙනීයනවා.එලෙස වැරදි විදියට බදවා ගැනීමට කටයුතු නොකරන ලෙස අප සියලුම බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා තියෙනවා.
එලෙසම වැටුප් වැඩිකරන ලෙස අප ඉල්ලීම් මුදල් රාජ්‍ය අමාත්‍යතුමාට ඉදිරිපත් කලා. සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් එයට සාධනීය පිළිතුරු අප බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අප ඉදිරිපත් කරන අත්සන් ලක්ෂයක් ඉදිරි සතියේ ජනාධිපති ලේකම් කාර්‍යාලයට බාර දීමට කටයුතු කරනවා.”
මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන සභාපති එන් එම් විජේරත්න මහතා මෙලෙස පැවසුවේය.
“අද ජීවත් වීමට නොහැකි ආර්ථික තත්වයක්රාජ්‍ය සේවකයන්ට උදාවෙලා. සමාන්තර ශ්‍රේණි අතර වැටුප් විෂමතා පවතිනවා. විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම වසරක් පමණ ප්‍රමාද වෙලා. ඒ තුළින් වසරක පමණ කාලයක් එයින් ලබන්න තිබුන පොලී මුදල අහිමිවෙලා. රාජ්‍ය සේවකයන්ට පිලිසරණ සඳහා ස්ථාපිත කර ඇති කොමිසන් සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරිමෙන් රාජ්‍ය සේවකයා තව තවත් අසරණ කර ඇති බවත් ජනතා මුදල් වැයකර මෙම ආයතන නඩත්තු කර පවත්වාගෙන යාම අවශ්‍යද? එම නිලධාරින් බලතල හා දැනුමෙන් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේම් ඉදිරිපත් කරන ගැටලු වලට පිළිතුරු කල්මැරිමට සහ එම නිලදාරිනගේ නියෝග ක්‍රියාත්මක නොකිරිමෙන් කොමසම නිලධාරින්ට වැටුප පමනක් හා තමන්ගේ අභිමතය පරිදි කටයුතු කරන විදායකයක් නිර්මානය කර ඇත. සහ මෙම කොමිසන් නිලධාරීන්ගේ ගෞරවයද හැල්ලු කර කොමිසන් සභා බෝඩ් ලැල්ලකට සීමාකර තියෙනවා.”
මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් අධිනීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවතියේය.
මෙහිදී රාජ්‍ය කළමනාකාර සේවාව වෙනුවෙන් විශිෂ්ටදායකත්වයක් ලබාදුන්
ජාවෙඩ් මුනව්වර්, නන්දනී විජේසිංහ, මොහොමඩ් නවුසාද්, උපුල් විතානගේ, අශෝක පීරිස්, සී පී ආර් මැණිකේ,
සුනීතා හේවාපතිරණ යන නිලධාරීන් සම්මානයට ද පාත්‍ර විය.







