fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-ශ්‍රී ලංකා ජනාධිපතිවරු හමුවෙති

    චීන-ශ්‍රී ලංකා ජනාධිපතිවරු හමුවෙති

     
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ජාත්‍යන්තර සහයෝගිතාවේ තුන්වැනි නායක සංසදයට එක්වීම සඳහා චීනයට පැමිණ සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. එම හමුව අද (20) පෙරවරුවේ බෙයිජිං නුවර පිහිටි මහජන මහ ශාලාවේ දී සිදු විය.
     
    රනිල් වික්‍රමසිංහ මහතා මීට වසර 6 කට පෙර අග්‍රාමාත්‍යවරයා වශයෙන්“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ පළමු නායක සංසදයට එක් වූ බව ෂී ජින් පිං මහතා සිහිපත් කළේය. එසේම හෙතෙම පෙන්වා දුන්නේ තුන්වැනි නායක සංසදයට රනිල් වික්‍රමසිංහ මහතා එක්වීම, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළට ශ්‍රී ලංකාව තිරසර අයුරින් සහය දීම තහවුරු කළ බවයි.
     
    චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින්නේ දිගු මිත්‍රත්ව ඉතිහාසයකි.චීනයේ පාහියන් භික්ෂුව ලියූ “බෞද්ධ රාජධානි සටහනක්” ග්‍රන්ථය සහ ශ්‍රී ලංකාවෙන් සොයාගත් චෙන් හ නම් චීන නාවිකයා තැබූ ශිලා ලේඛනය, දෙරට මිතුදම සඳහා ඓතිහාසික සාක්ෂි දරන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. 1952 වසරේ චීනය හා ශ්‍රී ලංකාව අත්සන් කළ සහල්-රබර් ගිවිසුම එම මිතුදම තවත් ශක්තිමත් කළ බව ද හෙතෙම පැවසීය.
     
    වර්තමානයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමයේ නිරත ව සිටී. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව දුෂ්කර ම කාලය පසු කර ප්‍රකෘතිමත් වෙමින් පවතී. චීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉතා වැදගත් කොට සලකන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව දේශපාලන විශ්වාසය ශක්තිමත් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මගින් එම සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට සූදානම් බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
     
     

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න