බදුල්ල සිට මීගහකිවුල කැටවත්ත දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් කැටවත්ත යෝධකණ්ඩිය ප්රදේශයේ දී අද(20) දහවල් ප්රපාාතයකට පෙරලී අනතුරක් සිදුවී තිබේ.
මෙම අනතුරින් කාන්තාවක් මියගොස් තවත් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන් ය.
තුවාලකරුවන් මීගහකිව්ල සහ බදුල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇත.
බස් රථය බෑවුම් අධික ප්රදේශයකදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්රපාතයකට පෙරලීයෑමෙන් අනතුර සිදුවී ඇත.