fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF කාර්ය මණ්ඩල එකඟතාවට ඇවිත් -ආසියානු රටවල් නොකරපු වාර්තාත් වෙලාවට දීලා

    IMF කාර්ය මණ්ඩල එකඟතාවට ඇවිත් -ආසියානු රටවල් නොකරපු වාර්තාත් වෙලාවට දීලා

    ශ්‍රී ලංකාවට විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) ලබාදීමට අදාළ පළමු සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) නිවේදනය කරයි.

    ඒ අනුව IMF විධායක මණ්ඩලයේ අනුමැතිය මත, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් වෙත ප්‍රවේශය ලැබෙනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    මේ සමඟම IMF විසින් ශ්‍රී ලංකාවට මෙතෙක් මුදාහැරීමට අනුමත කර ඇති සම්පූර්ණ මූල්‍ය ආධාරය අමෙරිකානු ඩොලර් මිලියන 660 ක් පමණ දක්වා වනු ඇත.

    කොළඹදී මෙරට බලධාරීන් සමඟ සිදුකළ ඵලදායී සාකච්ඡාවලින් අනතුරුව සහ මරකේෂ් හි වාර්ෂික රැස්වීම් අතරතුර, ශ්‍රී ලංකාව සඳහා වූ IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කට්සියාර්නා ස්විරිඩ්ස්යොන්කා මහත්මිය විසින් ඊයේ(19) ප්‍රකාශයක් නිකුත් කර ඇත.

    මෙරට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පල දැරීමට පටන් ගෙන ඇති අතර ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කරන බව IMF පවසයි.

    දැනට ආර්ථිකය තුළ කරන ලද වෙනස්කම් ස්ථිරව තබාගැනීම, පාලනයේ දුර්වලතා නිවැරදි කරගැනීම ආදිය මගින් ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් බව IMF සිය ප්‍රකාශය මගින් අවධාරණය කර ඇත.

    දෙවන වාරිකය අනුමත කිරීමේදී ද IMF හි විධායක මණ්ඩලය විසින් සමාලෝචනය සම්පූර්ණ කිරීම, සියලුම පූර්ව ක්‍රියාමාර්ග මෙරට බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිසංස්කරණවලට අදාළ මූල්‍ය සහතික සමාලෝචන අවසන් කිරීම කළ යුතු විය

    මෙරට බලධාරීන් EFF යටතේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා කැපවී සිටින අතර ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් ප්‍රශංසනීය බවට IMF බලධාරීන් කියාසිටී.

    ජුනි අවසානයේ වැඩසටහන් කාර්ය සාධනය සතුටුදායක බවත් බදු ආදායම හැර අනෙකුත් සියලුම දර්ශක ඉලක්ක සපුරා ගන්නා ලද බවත් එහිදී පෙන්වා දී ඇත.

    බොහෝ ව්‍යුහාත්මක වෙනස්කම් 2023 සැප්තැම්බර් අවසානය වන විට ප්‍රමාදයකින් යුතුව හෝ සපුරා ක්‍රියාත්මක කර ඇති බව ද එහි සඳහන් ය.

    විශේෂයෙන්, ශ්‍රී ලංකා බලධාරීන් නියමිත වේලාවට පාලන විනිශ්චය තක්සේරු වාර්තාව (Governance Diagnostic Assessment-GDA) ප්‍රකාශයට පත් කර ඇති බවත් IMF හි පාලන විනිශ්චය තක්සේරුවට භාජනය වූ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවට ද ඔවුහු පෙන්වා දී තිබේ.

    GDA වාර්තාව මගින් සාර්ව ආර්ථික වශයෙන් තීරණාත්මක ප්‍රමුඛතා ක්ෂේත්‍රවල දූෂණයට සම්බන්ධ දූෂණ අවදානම් සහ පාලන දුර්වලතා කෙරෙහි අවධානය යොමු කරයි.
    (i) දූෂණ විරෝධී, මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව සටන් කිරීම;
    (ii) මූල්‍ය පාලනය (උදා: රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, බදු ප්‍රතිපත්ති සහ ආදායම් පරිපාලනය, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදන);
    (iii) මහ බැංකු පාලනය;
    (iv) මූල්‍ය අංශයේ අධීක්ෂණය; සහ
    (v) කොන්ත්රාත්තුව බලාත්මක කිරීම සහ දේපල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
    යනාදි කරුණු පිළිබඳ එම එමගින් විනිශ්චයට ලක්කෙරේ.

    මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද පාලන විනිශ්චය තක්සේරු වාර්තාවේ ප්‍රධාන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ කැපවීම සාදරයෙන් පිළිගන්නා පියවරක් බව IMF කියාසිටී.

    මෙරට තුළ ආර්ථික විශ්වාසය යළි ගොඩනැගීමට සහ වර්ධනය වඩාත් ශක්තිමත් කිරීමට සියල්ලන් ඇතුළත් කර ගැනීම සඳහා දූෂණ අවදානම් ආමන්ත්‍රණය කිරීම සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා ස්ථිර පියවර අත්‍යවශ්‍ය වන බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අවධාරණය කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.