තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ටර්නෙට් ජොබ් පෙන්වා කතකගේ මිලියන 9 කට විද්ද සෙබළා කොටු

    ඉන්ටර්නෙට් ජොබ් පෙන්වා කතකගේ මිලියන 9 කට විද්ද සෙබළා කොටු

    අන්තර්ජාල රැකියා මගින් ඉහළ ලාභ ලැබිය හැකි බවත් එවැනි රැකියාවක් ලබාදෙන බව සඳහන් කර කාන්තාවක් රැවටීමට ලක්කර රුපියල් ලක්ෂ 94කට අධික මුදලක් ඇගෙන් ලබාගෙන වංචාකළ බව කියන හමුදා සෙබලෙකුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම හමුදා සෙබලා වයස අවුරුදු 27 ක් වන කරෙයිනගර් හී සේවයේ නිරතව සිටින්නෙකි. කරන්දෙණිය දෙනගොඩ පදිංචිකරුවෙක් වන මෙම සෙබලාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

    මෙම මුදල්වලින් රුපියල් ලක්ෂ 72ක්ම බැරවී තිබී ඇත්තේ හමුදා සෙබලාට අයත් බැංකු ගිණුම් 03කට බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් අදාල කාන්තාව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ පසුගිය 04 වෙනිදාය.

    එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වූ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සැකකාර සෙබලාව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වෙනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img