තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකුගේ නිවසකින් ගිනිඅවි සහ අත්බෝම්බ හමුවෙයි

    හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකුගේ නිවසකින් ගිනිඅවි සහ අත්බෝම්බ හමුවෙයි

    පොලිස් විශේෂ කාර්ය බලකායේ බුත්තල කඳවුරේ නිලධාරීන් ඔවුන්ට ලද තොරතුරකට අනුව ඊයේ සවස වැල්ලවාය ඇල්ල පාර 01 කණුව ප්‍රදේශයේ නිවසක් වටලා පරීක්ෂාකර තිබේ.

    එහිදී එම නිවසේ තිබී එංගලන්තයේ නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක්, රුසියාවේ නිෂ්පාදිත බෝර 12 පතොරම් යෙදිය හැකි තුවක්කුවක්, අත්බෝම්බ දෙකක් පතොරම් රැසක් සහ වෙඩි නොවදින ඇඳුම් කට්ටලයක් සොයාගෙන ඇත.

    එම අවස්ථාවේදී මෙම නිවසේ රැදී සිටි ඔක්කම්පිටියේ බේබි නැමැති පුද්ගලයාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ගිනි අවි බෝම්බ ඇතුළු උපකරණ සමඟ සැකකරුව වැල්ලවාය පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය කියයි.

    මෙම නිවස එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා හිටපු නියෝජ්‍ය කථානායකවරයෙකු වන ආනන්ද කුමාරසිරි මහතාට අයත් එකක් බව වැල්ලවාය පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. This is such a silly joke!!! Not the person who owns the house taken into custody but Okkampitiye Baby who is the caretaker of the premises. Does anyone think, if that man had a such a big amount of money to import ammunition he would want to work as a caretaker? Besides does he have access/permission to check anyone’s luggage who enters the premises? Usual practice is to take the owner of the premises if at all together with the caretaker. People are not stupid to believe these bullshit anymore.

    Leave a Reply to KamalikaCancel reply

    spot_img
    spot_img