ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනය බලා අද පිටත් වේ.
ඒ ගෝලීය යටිතල පහසුකම් සහ බලශක්ති ජාලයන් සංවර්ධනය කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් විසින් ඉදිරිපත් කරන ලද ‘තීරය සහ මාවත’ වැඩපිළිවෙළේ 10 වන සංවත්සරය සනිටුහන් කරමින් බෙයිජිං හි පැවැත්වෙන සංසදයකට සහභාගී වීම සඳහායි.
ජාතික නායකයින්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, අමාත්‍ය නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්, අධ්‍යයන ආයතන, ඇතුළු රටවල් 140කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධාන 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන මෙම සංසදය සඳහා ඔවුන්ගේ පැමිණීම තහවුරු කර ඇත.
සිය නිල සංචාරය තුළ දී ජනාධිපතිවරයා, මෙරට දැවැන්තම ණය හිමියකු වන චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ඇත.
ශ්‍රී ලංකාව චීනය වෙත ඇති ද්විපාර්ශ්වික සහ වාණිජ වර්ගවල ණය ප්‍රමාණය ඩොලර් බිලියන 7 ක් පමණ වේ.
ඉන් ඩොලර් බිලියන 4.2 ක හිඟ ණය ආවරණය කරමින් බ්‍රහස්පතින්දා චීනයේ අපනයන-ආනයන බැංකුව සමඟ ගිවිසුමකට ශ්‍රී ලංකාව එළැඹියේය.
නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මකට එළඹීම සඳහා ජපානය සහ ඉන්දියාව ඇතුළු අනෙකුත් ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ තවමත් කටයුතු කරමින් සිටී.
ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු චීන නිල සංචාරය මෙයයි.