මෙරටට බහුලව සංචාරකයන් පැමිණෙන රටවල් පහක සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නොමිලේ වීසා නිකුත් කිරීමට සූදානම් වෙයි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇත.
ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරකයින්ට වීසා ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබේ.
ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා බලපත්‍ර ලබා ගැනීමට සිදුවනු ඇත.
නමුත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ඔවුන්ට ආරක්ෂක කටයුතු සඳහා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවනු ඇත.
මෙම රටවලින් වැඩි සංචාරකයින් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීම සහ ඉදිරි වසරවලදී වාර්ෂිකව ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන පහක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම මෙහි අරමුණයි.
එසේම, චීනය සිය පුරවැසියන්ට සංචාරය කරන ලෙස නිර්දේශ කළ රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් විය.