තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොල්ගොල්ලේ වාන්දොරටු 7ක් අරියි

    පොල්ගොල්ලේ වාන්දොරටු 7ක් අරියි

    ඉහළ මහවැලි පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු 07ක් අද (12) පස්වරුවේ විවෘත කිරීමට එහි කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබේ.

    මේ හේතුවෙන් තත්පරයට ඝන අඩි 7000ක ජල ධාරිතාවයක් පහළ වික්ටෝරියා ජලාශයට මුදා හැරේ. ජලාශයේ ජල මට්ටම් ඉහළ යාමත් සමඟ දොරටු විවෘත කරන බැවින් පහළ ප්‍රදේශයේ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙස ද එම කාර්යාලය මහජනයාට දැනුම් දෙයි.

    දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානම පැවැතුණ නමුත් මධ්‍යම කදුකරයේ ප්‍රධාන ජලාශ පහෙහි ජල මට්ටම් මේ වන තුරුත් පවතින්නේ පහළ මට්ටමේය.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අද නිකුත් කළ දත්ත වාර්තාව අනුව රන්දෙණිගල ජලාශය පිටාර මට්ටම පැමිණීම සඳහා ඊට 89%ක ජල ධාරිතාවක් අවශ්‍ය වේ.

    වික්ටෝරියා ජලාශය වාන් දැමීමට නම් ඊට 61%ක ජල ධාරිතාවක් අවශ්‍ය අතර කොත්මලේ ජලාශයට 30%ක ජල ධාරිතාවයක් අවශ්‍ය වේ.

    රන්ටැඹේ ජලාශය වාන් දැමීම සඳහා තවත් 33%ක ජල ධාරිතාවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img