ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ජල සැපයුම් අත්හිටුවීම හේතුවෙන් එම කළාපයේ සිටින ගැබිණි මව්වරුන් පනස් දහසකට පමණ පිරිසිඳු පානීය ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මේවන විට ගාසා තීරයේ ජීවත්වන ලක්ෂ විසි තුනක පමණ පරිසකට ජලය ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම්වල දැඩි හිඟයක් පවතින බවත් තත්ත්වය සෑම මොහොතකම දරුණු අතට හැරෙමින් පවතින බවද ජගත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
මේ අතර ගාසා තීරයේ සිටින ගැබිණි මව්වරුන්ගෙන් පන්දහසකට අධික පිරිසක් මේවන විට දරු ප්‍රසූතියට ආසන්න තත්ත්වයේ සිටින බවත් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් නොමැති බවටද ජගත් සංවිධාන වාර්තා පෙන්වා දෙයි.
ජගත් සංවිධානය පේනවා දෙන ආකාරයට ගාසා තීරය සම්පූර්ණයෙන්ම පාහේ ඊශ්‍රායල ආරක්ෂ අංශ විසින් වටකරගෙන ඇති අතර මේ හේතුවෙන් සහන කණ්ඩායම් හෝ සහන සේවා සැපයීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් ගාසා තීරණයේ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
මේ අතර ගාසා තීරයේ ජනතාව පාසල් සහ තාවකාලික කූඩාරම් වල රැදී සිටින බවත් ඔවුන්ට ආහාර ලබා දීම විශාල ගැටලුවක් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ නිවාස දෙදහස් පන්සීයක් අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් තවත් විසි තුන් දහසකට පමණ දැඩි හානි සිදුව ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්ත අනාවරණය කරයි.
ගාසා තීරයේ සිටින ළමුන් ලක්ෂ හයකට අධික පිරිසකගේ අධ්‍යාපන කටයුතුද මේවන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බවත් පවතින තත්ත්වයෙන් වැඩිම බලපෑමක් ළමුන්ට සිදුව ඇති බවද ජාත්‍යන්තර වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.