fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අධිවේගය නායගියත් බස් ධාවනය සාමාන්‍ය පරිදි

    අධිවේගය නායගියත් බස් ධාවනය සාමාන්‍ය පරිදි

    දක්ෂිණ අධිවේගී මර්ගයේ පින්නදුව හා ඉමදුව අතර මාර්ගයේ කොටසකට පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා සිදුවුවත් මගී ප්‍රවාහ බස් රථ සමාන්‍ය පරිදි ධාවනය වන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.

    ඒ අනුව කොළඹ සිට අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ පින්නදූව පිටවීමෙන් පිටවී සමාන්‍ය මාර්ගයේ ගමන් කර නැවතත් ඉමදූවෙන් අධිවේගී මර්ගයට ඇතුළු වී සමාන්‍ය පරිදි ධාවනය කරනු ලබන බව ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා සඳහන් කරයි.

    මේ අතර මාතර දිශාවෙන් පැමිණ බස් රථ ඉමදූව පිටවීමෙන් පිටත් වී නැවත පින්නදූවෙන් නැවත අධිවේගී මර්ගයට ප්‍රවේශ වී ගමනාන්තය කරා ධාවනය කරනු ලැබේ.

    අධිවේගී මර්ගයේ වාහන ධාවනයට බාදා ඇතිවුවද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් අධිවේගී මර්ගයේ ධාවනය කරන ගමන් වාර කිසිවත් අවලංගු කර නොමැති බවද ලලිත්ද අල්විස් මහතා සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න