තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් විදේශ ඇමතිවරයෙක් ලංකාවට ඇවිත්

    තවත් විදේශ ඇමතිවරයෙක් ලංකාවට ඇවිත්

    ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහකාර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ටිම් වොට්ස් මහතා ඊයේ (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (Indian Ocean Rim Association – IORA) අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සහභාගි වීමට අමාත්‍යවරයා මෙලෙස දිවයිනට පැමිණ ඇත.

    එහිදී අමාත්‍යවරයා මෙරට ඉහළ පෙලේ සාකච්ඡා කීපයකටද එක් වීමට නියමිත බවට වාර්තාවේ.

    මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පැවසීය,

    “ඔස්ට්‍රේලියාවේ සෞභාග්‍යය සහ ආරක්ෂාව ඉන්දියන් සාගරයට සමීපව බැඳී පවතී. ඉන්දියානු සාගර කලාපයේ රටවලට නිදහසේ සහයෝගයෙන් කටයුතු කළ හැකි, වෙළඳාම් කළ හැකි සහ එමඟින් දියුණුව අත්පත් කරගත හැකි සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් කලාපීය පරිසරයක් පවත්වාගැනීමට ඔස්ට්‍රේලියාව වන අප දැඩි උනන්දුවක් දක්වයි.

    ශ්‍රී ලංකාවේ සිටින කාලය ඇතුළත දී, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ (Indian Ocean Rim Association – IORA) අමාත්‍ය මණ්ඩලයේ 23 වැනි රැස්වීමට ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සහභාගි වීමට මම අදහස් කරමි. සාගර ආරක්ෂණය සහ ආරක්ෂාව, නීල ආර්ථිකය (සාගර පරිසර පද්ධතිය සුරකිමින්, ආර්ථික වර්ධනයට, වැඩිදියුණු කළ ජීවනෝපායයන්ට සහ රැකියා උදෙසා සාගර සම්පත් තිරසාර ලෙස යොදා ගැනීම), දේශගුණික විපර්යාස, සහ ඉන්දු-පැසිෆක් කලාපයේ IORA මුහුණවර පිළිබඳ කරුණු එහිදී අප විසින් සාකච්ඡා කරනු ඇත.

    මෙම රැස්වීමේ දී ඉදිරි වර්ෂ දෙක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් IORA සභාපතිත්වය දරනු ඇති අතර, එම ධුර කාලය පුරාවට ශ්‍රී ලංකාවට සහය ලබාදීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරයි.

    ව්‍යාපාර, අධ්‍යාපන, සංවර්ධන, ක්‍රීඩා සහ සංස්කෘතික අංශයන් වල ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පවත්වාගෙන යනු ලබයි. 130,000කට අධික ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු ජාතිකයින්, නූතන ඔස්ට්‍රේලියානු සංස්කෘතික ප්‍රබෝධයට දායක වන අතර ඔවුන් දෙරට අතර සමීප පුද්ගල-සම්බන්ධතා වැඩි දියුණු කිරීමට ද දායක වේ.

    ක්‍රීඩාව අප රටවල් දෙක සම්බන්ධ කරන වැදගත් පුරුකකි. එබැවින්, ශ්‍රී ලංකාවේ සිටියදී මම ක්‍රීඩා සහයෝගිතා අවබෝධතා ගිවිසුමක් ද පුනර්ජීවනය කරමි.

    පුනර්ජීවනය කරනලද වෙළඳ සහ ආයෝජන රාමු ගිවිසුමට (TIFA) අත්සන් තැබීම මඟින් ශ්‍රී ලංකාව සමඟ වර්ධනය වෙමින් පවතින අපගේ ආර්ථික සම්බන්ධතා වැඩිදියුණු කෙරෙනු ඇත. එමඟින් එය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනයට ද රුකුළක් වනු ඇත.

    ඔස්ට්‍රේලියාවේ සංවර්ධන වැඩසටහන් තුලින් ශ්‍රී ලංකාවේ අන්තර්කරණීය ආර්ථික වර්ධනයක් සඳහා කෘෂිකර්මය, ජලජීවී වගාව සහ සංචාරක කර්මාන්තය වැනි අංශ සම්බන්ධයෙන් අප සහය ලබා දේ.

    දේශගුණික විපර්යාස සහ අන්තර්ජාතික අපරාධ වැනි පොදු අභියෝගයන් ජයගැනීම සඳහා අප සැමට එක්ව කටයුතු කළ හැකි ආකාරය ගැන ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද මම අදහස් කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img