ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය.
සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලායාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ප්‍රහාරවලින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයකු සුළු තුවාල ලබා ඇති බවට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මීට පෙර වාර්තා කළේය.
ඊශ්‍රායලයට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලාංකික කාන්තාවක් සහ පුරුෂයෙක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන් හමාස් සංවිධානය භාරයේ පසුවන්නේ ද කියා තොරතුරු සොයා බැලීමට ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහය ලබාගන්නා බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඊශායලයේ වෙසෙන ලාංකිකයන් පිළිබඳ තවදුරටත් සොයාබලමින් සිටින බව එම තානාපති කාර්යාලය පැවසීය.
හමාස් සංවිධානය විසින් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම නිසා මේ වනවිට ඊශ්‍රායලයේ යුද තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.