ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවට වසර 75 ක් පිරීම නිමිත්තෙන් සැමරුමක්, වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ පසුගියදා විදේශ ඇමති අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
වොෂින්ටන් උත්සවය සදහා රුපියලක් හෝ ශ්‍රී ලංකා රජයෙන් ලබා නොගැනීමට තානාපති මහින්ද සමරසිංහ ක්‍රියා කිරීමද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඇමෙරිකානු භාණ්ඩාගාරය, ආරක්ෂක, වානිජ දෙපාර්තමේන්තුව, US Aid, ලෝක බැංකුව , IMF ඇතුළු ඇමෙරිකානු රජයේ හා සෙසු ආයතනවල ඉහළම ප්‍රබලයන් හා සෙනෙට් හා කොංග්රස් සභිකයන් මෙන්ම තානාපතිවරු හා ලාංකිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් 400 ක් පමණ එක්වූහ.
උත්සවය ඇරඔුණේ ශ්‍රී ලංකා හා ඇමෙරිකානු ජාතික ගී ගායනා කිරිමෙනි.
පිළිගැනීමේ කතාව කල තානාපති මහින්ද සමරසිංහ මහතා : “දෙරටේ මිත්‍රත්වය ඉතිහාසගතයි. ඇමෙරිකාවේ ඹිල්කට්තුමා ලංකාවට පැමිණ පාසල් ඇරඔුවා. බෞද්ධ කොඩිය නිර්මාණය කලා. අපේ කුමාරස්වාමි මහතා ඇතුළු අය ලංකාවේ කලාව හා බෞද්ධ පන්සල් ඇමෙරිකාවේ ඇරඔුවා. ලංකාව සුනාමියට බිලිවී පැය 48 ක් තුළ ඇමෙරිකානු හිටපු ජනපතිවරු තිදෙනෙක් ලංකාවට පැමිණ උපකාර කලා. ඇමෙරිකානු දරුවන් තම දිවා ආහාර මුදල් ලංකාවේ දරුවන්ගේ පාසැල් අධ්‍යාපනයට තෑගි කලා. අප දෙරට අතර මිත්‍රත්වය සදාතනිකයි” මහින්ද සමරසිංහ මහතා කීවේය.
අනතුරුව US Aid වෙනුවෙන් ක්ලින්ටන් වයිට් මහතා කතා කරමින් 1956 සිට US Aid ලංකවට කල උදව් මෙන්ම ඉදිරියටත් උපරිම සහාය දෙන බව කීය.
දකුණු හා මධ්‍යම ආසියානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රකාශ කළේ දෙරටේ තරුණ පරපුර එක්ව ගමන් කරන පසුබිම තැනීම අත්‍යවශ්‍ය බවය.
සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන්ඩ් මහතා : “ජනපති රනිල් මැතිතුමා සමඟ මම සති දෙකකට පෙර නුවර පෙරහැර නැරඔූවා. ඇමෙරිකානු වානිජ මණ්ඩලය හා කතා කොට ලංකාවට උදව් කරන හා ආයෝජන ගෙනයන වැඩ පිළිවෙළ හදනවා. තානාපති මහින්දගේ කැපවීම අගය කරනවා. දෙරට අතර සබඳතාව තව වසර දහස් ගණන් පවතීවි.” ඔහු කීවේය.
විදේශ ඇමති අලි සබ්රි මහතා කතා කරමින් , ” ආර්ථිකය සහජීවනය හා සෙසු ක්ෂේත්රවලට ඇමෙරිකාව ලංකාවට සමීපම රටක් ලෙස දැක්වූ සහාය අගය කරන අතර ඉදිරියටත් එම සුහද බව හා සහාය වර්ධනයවීම ඒකාන්තයි. තානාපති මහින්ද මෙම තනතුරට පත්වීමෙන් දෙරට අතර සබදතා තරවූණා. අපේ විදේශ සේවයත් ශක්තිමත් වූණා” ඇමතිවරයා කීය.
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික සිංහල දෙමළ හා මුස්ලිම් ආහාර පාන වලින් ආරාධිතයින්ට සංග්‍රහ කල අතර සියලු සංස්කෘතීන්ට අයත් කලා සංගීත නැටුම් බෙරවාදනවලින් ද සැදෑව වර්ණවත් වූ අතර ආරාධිතයන් ඉන් ප්රමෝදයට පත් වූහ.
පිටු 54 කින් යුතු වර්ණවත් සමරු පොතක් හා ශ්‍රී ලංකාවේ තේ පාර්සලයක් ද සියලු ආරාධිතයන්ට බෙදා දුන්හ.