fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අශීලාචාර හැසිරීමක් නිසා චන්දිම ඉවත් කරන්න සරත්ගෙන් යෝජනාවක්

    අශීලාචාර හැසිරීමක් නිසා චන්දිම ඉවත් කරන්න සරත්ගෙන් යෝජනාවක්

    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඉවත් කිරීමට එම කමිටු සභාපති, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් කථානායකවරයා වෙත යෝජනා කර තිබේ.

    ඒ එම කමිටුව ඊයේ රැස් වූ අවස්ථාවේදී වූ බව කියන සිද්ධියකට අදාලවයි.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව හමුවට, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ඊයේ කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අශීලාචාර ලෙස හැසිරුණ බවට සභාපතිවරයාගේ චෝදනාවයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තා සහ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම හමුව කැඳවා තිබුණි.

    සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ, සිය ජීවිත කාලයම මෙරට ආරක්ෂාව වෙනුවෙන් කැපවුණු රණවිරුවන් වෙත අපහාසාත්මක ලෙස චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා එහිදී අදහස් දැක්වූ බවයි.

    එම හමුවේදී කිසි ලෙසකින් අදාළ නොවන ප්‍රශ්නයක් ගෙනහැර, එහි පැමිණ සිටි හමුදාපතිවරුන්ට කතා කළ ආකාරය පිළිබඳ තමා කනගාටුව පළකරන බවද සරත් වීරසේකර මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    කමිටු සාමාජිකයෙකු වන චන්දිම වීරක්කොඩි මහතා එම අවස්ථාවට පැමිණියේ ද ප්‍රමාද වී බවත් හමුදා ප්‍රධානීන් ඉදිරියේ හැසිරුණු ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සිටින සියළුම විනීත මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවද සභාපතිවරයාද පාර්ලිමේන්තුවට අවධාරණය කර සිටියේය.

    එබැවින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා අදාළ කමිටුවෙන් ඉවත් කිරීමට කතානායක වරයා වෙත තමා යෝජනා කර ඇති බව ද වීරසේකර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img