හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) 2023 වසරේ පළමු මාස අට තුළ තම සමුද්‍ර බංකර් සැපයුම් ව්‍යාපාරයේ ටොන් 500,000 ක පරිමාවක් සලකුණු කොට ඇත.
2022 වසරේ මෙහෙයුම් පරිමාව හා සසඳන විට 2023 තුල මේ දක්වා සනිටුහන් කර ඇති පරිමාව ඊට පස් ගුණයකටත් අධික වේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම (SFOL) සමග ඇති කරගත් උපායමාර්ගික හවුල්කාරිත්වය මෙම ජයග්‍රහණයට විශාල හේතුවක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සඳහන් කරයි.
දේශීය බංකර් සැපයුම්කරුවන්ට තරඟකාරී මිලක් ලබා දෙමින්, මෙම වසර තුළ 80% කට අධික සමුද්‍ර බංකර් ඉන්ධන ප්‍රමාණයක් සැපයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරායට හැකිවී තිබේ. එමෙන්ම ටොන් 150,000ක ද්‍රව පෙට්‍රෝලියම් වායුව හැසිරවීම වරායේ සමස්ත තෙල් හා ගෑස් මෙහෙයුම් පරිමාවට එක් වී ඇත.
මෙම ජයග්‍රහණය, හම්බන්තොට ජාත්‍යන්තර වරාය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත වීමේ ඉලක්කය කරා ගමන් කරන බවට තවත් සාක්ෂියක් යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙ හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.
“ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයය විසින් ඉන්ධන ගබඩා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් කර ඇති ආයෝජන මෙන්ම ඒවා ලොයිඩ්ස් ප්‍රමිතීන්ට අනුව වැඩිදියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අපගේ ජයග්‍රහණයට හේතු වනවා. එසේම අපගේ හවුල්කරුවන්ගේ පහසුව සඳහා, ස්වාධීන ISO සහතික කළ තෙල් පරීක්ෂණාගාර පහසුකමක් ද ඉන්ධන ගබඩා පරිශ්‍රයේ පිහිටුවා තිබෙනවා. මෙම රසායනාගාරය තුළින් නැව් සමාගම් හට තෙල් ගුණාත්මකභාවය සහතික කරන වාර්තා පහසුවෙන්, කලට වේලාවට ලබා ගත හැකියි. එංගලන්ත සමාගමක් වන ඉන්ටර්ටෙක් (Intertek UK) විසින් පවත්වාගෙන යනු ලබන මෙම රසායනාගාරය ශ්‍රී ලංකාවේ ඇති එවැනි එකම පහසුකමයි.’’ යැයිද තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය තම උපාය මාර්ගික හවුල්කරු වන සිනොපෙක් සමග එක්ව, වරාය තුළ ස්ථාපිත සමුද්‍ර බංකර් සැපයුම් ව්‍යාපාරය නඟා සිටුවීමට 2022 සිට කටයුතු කර ඇත. දකුණු ආසියාවේ ප්‍රථම වතාවට සාගර යාත්‍රා සඳහා සල්ෆර් ප්‍රතිශතය බෙහෙවින් අඩු ඉන්ධන (VLSFO) සැපයීම හඳුන්වා දෙන ලද්දේද හම්බන්තොට ජාත්‍යන්තර වරාය
විසිනි. වරායේ උපායමාර්ගික පිහිටීම හේතුවෙන් නැඟෙනහිර සිට බටහිර දක්වා ප්‍රධාන මාර්ගයේ ගමන් කරන නැව් සඳහා බංකර් පහසුකම් සැපයීම පමණක් නොව සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා වරායට පැමිණෙන වෙනත් විවිධ යාත්‍රා හටද බංකරින් සේවා ලබා ගැනීමේ පහසුකම උදා කරයි.
තිස්ස වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසන්නේ, බංකර් ලබාගැනීමේ අරමුණින් වෙනත් වරායකට විශේෂයෙන් ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැති වීම නිසා නැව් සමාගම්හි පිරිවැය ඉතිරි වන බවයි.
“ හම්බන්තොට ජාත්‍යන්තර වරාය බංකරින් පහසුකම රෝ-රෝ සමාගම් වලට විශාල වශයෙන් ප්රතිලාභ ලබා දෙනවා මෙන්ම, ගැඹුරු මුහුදට යන ධීවර යාත්‍රාවලට මැරීන් ඩීසල් අවශ්‍යතා යාවත්කාලීනව සපුරාලීම අප විසින් ලබා දෙන තවත් පහසුකමක්. මේ සියල්ල අප ලබා දෙන්නේ ඉතා තරගකාරී මිල ගණන් වලටයි. ප්‍රධාන නැගෙනහිර බටහිර නැව් මාර්ගයේ ගමන් කරන යාත්‍රා සඳහා විශ්වාසදායක සමුද්‍ර බංකර් සැපයුම්කරුවෙකු ලෙස HIP ගෝලීය සිතියමේ හොඳින් ස්ථානගත වී තිබෙනවා.’’ යැයිද තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේය.
අනාගත ඉල්ලුම සපුරාලීමට වරායේ ඉන්ධන ගබඩා පර්යන්ත ධාරිතාව පුළුල් කිරීම සඳහා සමාගම අඛණ්ඩව ආයෝජනය කරන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයෙ හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසයි.
“අප වරායේ භූගෝලීය පිහිටීම මෙන්ම සිනොපෙක් සමඟ හවුල්කාරිත්වය ද උපකාරී කරගනිමින් අපගේ වැඩෙමින් පවතින සමුද්‍ර බංකර් ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම සමුද්‍ර බංකර් සහ LPG ව්‍යාපාරයන්හි සීඝ්රයෙන් ඉහළ යන ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, ලිහිසි තෙල් වැනි සහායක සේවාවන් මෙන්ම යාත්‍රා සඳහා පිරිසිදු බලශක්ති ඉන්ධන සැපයීමටද අප බලපොරොත්තු වනවා.’’ යැයිද ජොන්සන් ලියූ මහතා කීය.
මෙම උපාය මාර්ගික ප්රයත්නයන් සියල්ලක්ම, ඉදිරි වසරවලදී හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්රමුඛ ගෝලීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීමට සාධක වන බව ඔහුගේ විශ්වාසයයි.