සිය ජීවිතයට මරණීය තර්ජන එල්ල වී ඇතැයි කියමින් මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී රට හැරයාම පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කර තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ය.
සිය ජීවිතයට මරණීය තර්ජන එල්ල වී ඇතැයි කියමින් මුලතිව් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා පසුගිය 28 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබුණි.
මහෙස්ත්‍රාත් වෘත්තියෙන් සමු ගැනීම පමණක් නොව ශ්‍රී ලංකාවෙන්ම සමුගැනීමට තමන් සිතා සිටින බවද ටී.සරවනරාජා පවසා ඇති බව වාර්තා පළවිය.