fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු ජාවාරමට අල්ලන්න ගිය ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට මයික් ටයිසන් වැහිලා

    කුඩු ජාවාරමට අල්ලන්න ගිය ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට මයික් ටයිසන් වැහිලා

    මත්කුඩු ජාවාරමකට සම්බන්ධ මුරුන්කන් රෝහලේ ගිලන් රථ රියදුරෙක් අත්අඩංගුවට ගැනීමට ගිය මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීයෙකුගේ බාහුව හපා කා ගිලන් රථ රියදුරු ඊයේ සවස පළාගොස් ඇත.

    මුරුන්කන් රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලදී මෙම සිදුවීම වී ඇති බව මුරුන්කන් පොලීසිය කියයි.

    සපා කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මුරුන්කන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 178යි ග්‍රෑම් 750ක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවූ තොරතුරුවලට අනුව මෙම ගිලන් රථ රියදුරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව මුරුන්කන් පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.