ඇමෙරිකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සභාපතිවරුන් උදෙසා වැඩමුලුවට සහභාගී වීම සඳහා, කාරක සභා සභාපතිවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ අමෙරිකාවේ ක්‍රියාකලාපය ආන්දෝලනයකට තුඩු දී තිබේ.
මේ වැඩමුලුව සඳහා පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17 හිම සභාපතිවරුන් තේරී පත්වී තිබුණි.
ජාතික ආරක්ෂාව උදෙසා වූ ආංශික කාරක සභාවේ සභාපති වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා තම අවස්තාව, තමාගෙන් ඉල්ලීමක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩට පිරිනමා තිබුණි.
ඇමෙරිකාව, මේජර් ප්‍රදීප් උඳුගොඩට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.
ඒ වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකුට මේ අවස්තාව ලබාදීමට ඇමෙරිකාව විසින්ම යෝජනා කර තිබුණි.
නමුත් එය පාර්ලිමේන්තු රීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම, මෙරට පාර්ලිමේන්තුවට අමෙරිකාව කළ අපහාසයක්ද විය.
එම යෝජනාවෙන් පසුව වහා ක්‍රියාත්මක වූ සරත් වීරසේකර අමාත්‍යවරයා, ආංශික කාරක සභා සභාපතිවරයා ලෙස තමා ම ඊට සහභාගී වන බව කථානායකවරයා මගින් සංවිධායකයන්ට දැනුම් දෙන ලදී.
සරත් වීරසේකර අමාත්‍යවරයාට ද වීසා හිමි නොවන බව ඇමෙරිකාව විසින් දන්වා එවා තිබේ.
මේ සඳහා හේතු දෙකක් බලපා ඇතැයි පෙනෙන්නට තිබේ.
ඉන් එකක් නම්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ක්‍රියාන්විත රණවිරුවෙක් ලෙසත් ඉන්පසුව සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙසත් සෘජුවම යුධ ජයග්‍රහණයට සම්බන්ධ වූ රණවිරුවෙකු වීමයි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා යුද්ධයෙන් පසුවත්, ශ්‍රී ලංකාවට එරෙහි යුධ අපරාධ මතවාදයට එරෙහිව සෘජුවම සටන් කරන්නෙකි. ඔහු ඇමෙරිකාව මූලිකත්වයෙන් ගෙන ආ 19 වෙනි සංශෝධනයට විරුද්ධව සිය ඡන්දය භාවිතා කළ අයෙකි.
දෙවැන්න නම් ඇමෙරිකාවට මේ වැඩමුලුව සඳහා ජාතික ආරක්ෂාව සම්බන්ධ අංශයෙන්, දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරයෙකු ගෙන්වා ගැනීමේ තදබල උවමනාව ය.
එම නිසා දෙමල ජාතික සංධාන මන්ත්‍රීවරයෙකු හැර, වෙනත් පුද්ගලයෙකුට ඔවුන්ගෙන් වීසා ලැබෙන්නේ නැති බව මෙමගින් මනාව පැහැදිලි ය.
ඇමෙරිකානු වීසා අවශ්‍ය නැතත්, අදාළ වැඩමුළුවට සහභාගී වීම පමණක් වීරසේකර මහතාගේ වුවමනාව විය. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට බෙදුම්වාදියකුගේ සහභාගිත්වය ඔහුට අනවශ්‍ය වූයෙන් අමෙරිකාවේ යෝජනාවට ඔහු එකඟ වූයේ නැත.
කෙසේවෙතත් අමෙරිකානු මූල්‍ය මූලාශ්‍ර මත යැපෙන මෙරට අතැම් මාධ්‍ය විසින් මෙම සිදුවීම අළලා ව්‍යාජ පැතිකඩක් සමාජගත කිරීමට උත්සාහ කිරීම මෙම ආන්දෝලනයට හේතුවී ඇත.