fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPතමාට කී වචනයට බර්ලින් සමුළුවේ නිවේදිකාවට ජනපතිගෙන් දඩයක්

    තමාට කී වචනයට බර්ලින් සමුළුවේ නිවේදිකාවට ජනපතිගෙන් දඩයක්

    මේ වනවිට ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට වේදිකාවට ගොඩවීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තමාව වේදිකාවට කැඳවූ නිවේදිකාවට දඩයක් පනවන බව එම වේදිකාවේදී පැවසීය.

    ඒ තමාට’අතිගරු’ වචනය යොදාගනිමින් ආමන්ත්‍රණය කිරීම හේතුවෙනි.

    ක්‍රිස්ටින් මුන්ඩ්වා නිවේදිකාව එහිදී ජනාධිපතිවරයාට ආරාධනා කරමින් කියාසිටියේ, “අද අපිට විශේෂ අමුත්තෙක් පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. මම කරන්න යන්නේ ඔහු අකමැති දෙයක්. ඔහු තමන්ගේ රට තුළ එලෙස කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අතිගරු ජනාධිපතිතුමනි කියා ඔහු ඇමතීමයි. අත්පොළොසන් දී පිළිගන්න ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතානෙනි, ඔබටයි මේ වේදිකාව.”

    එයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, “මට අතිගරු ජනාධිපතිතුමා කියා ඇමතුවාට මම ඔබට තව මිනිත්තු කිහිපයකින් දඩයක් පනවන්න හදන්නේ” යනුවෙනි. සභාවේ සිනා මැද ජනාධිපතිවරයා සිය දේශනය ඇරඹීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.