fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ වසරේ පමණක් ලංකා මුහුදේ භූ කම්පන 16ක්

    මේ වසරේ පමණක් ලංකා මුහුදේ භූ කම්පන 16ක්

    ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාව තුළ වසරේ ගතවූ කාලය තුළ පමණක් භූ කම්පන 16 ක් සිදුව තිබේ.

    ඉන් කම්පන 06 ක් පමණ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති නමුත් ජනතාවට දැනී ඇත්තේ ඉන් භූ කම්පන 03 ක පමණ බලපෑම බව භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය භාර, ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙණ මහත්මිය පැවසීය.

    ලංකාව ආසන්නයේ පවතින භූ විද්‍යාත්මක කලාප වෙන්වීම ආසන්නයේ මෙම භූ කම්පන සිදුවන බවත් එම භූ කම්පන හානිදායක නොවන බැවින් ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගතයුතු බවද ඇය සඳහන් කළාය.

    මෙරට ස්ථාපිත කර ඇති භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථාන 04 ම ඉහළ තාක්ෂණයෙන් යුත් මධ්‍යස්ථාන බවද භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙණ පැවසුවාය.

    එබැවින් භූ චලනයක ගණනය කිරීම් සඳහා ප්‍රමාණවත් තාක්ෂණයක් දැනටමත් රට තුළ පවතින නමුත් එහි නිරවද්‍යතාව වැඩිදියුණු කර ගැනීමට තවත් උපකරණ අවශ්‍ය බව ඇය කීවාය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img