සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා 2021 වසරේ පැවති සම්මුඛ පරීක්ෂණයේදී සිදුවූ බව කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
පුරප්පාඩුව පැවති සහකාර පොලිස් අධිකාරී තනතුරු 230ක් පිරවීම සඳහා 2021 වසරේදී පැවති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සහ එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඉදිරිපත් වී සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් ලද නිලධාරීන් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත.
එම සම්මුඛ පරීක්ෂණය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 495 දෙනෙක් කැදවා තිබුණි. එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතුකරනු ලැබුවේ එවකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාය.
මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය යම් නිලධාරීන් කොට්ඨාශයකට විශේෂත්වයක් දක්වමින් ඔවුන්ට අයථා ලෙස උසස්වීම් ලබාදීම සඳහා ඝෘජුවම ක්‍රියාකර ඇති බවත් ලකුණු ලබාදීමේ නිසි ක්‍රමවේදයක් දක්වා තිබුණද එම ක්‍රමවේදයට පටහැනිව කටයුතුකර ඇති බවත් අල්ලස් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලෙහි සඳහන්ය.
මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන පවා ඉදිරිපත්කර ඇති බවය. ඒ ගැන වගකිව යුතු නිලධාරීන් දැනුවත් කළද ඒවා නිසි සැලකිල්ලට නොගෙන ඇති බවද එම නිලධාරීන් පවසති.
මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති නිලධාරීන් අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත්තේ ඒ සියල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙසය.