තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහන ආදායම් බලපත්‍ර නිකුතුව තාවකාලිකව අත්හිටුවයි

    වාහන ආදායම් බලපත්‍ර නිකුතුව තාවකාලිකව අත්හිටුවයි

    වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    ඒ වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙනි.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් පද්ධති පරිපාලකත්වය දරනු ලබන වාහන වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් 2023.09.27 සිට 2023.10.26 දක්වා ආදායම් නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

    2023.09.26 සිට කල් ඉකුත් වන ආදායම් බලපත්‍ර 2023.10.10 දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

    www.motortraffic.wp.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය (online) යටතේ වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීම 2023.09.24 මධ්‍යම රාත්‍රියේ සිට 2023.10.06 දක්වා තාවකාලිකව අත්හිටුවන බව බස්නාහිර පළාත් මාර්ග ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කේ. චම්පා එන්. පෙරේරා මහත්මිය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img