සබරගමුව පළාගේ මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්වරියකගේ ආරක්ෂාවට වරකාපොල පොලීසියෙන් ලබාදී ඇති පුද්ගලික ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයෙකු කසිප්පු මිලිග්‍රෑම් 15,750ක් සමඟ අලව්ව පොලීසිය ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිතින් මලුවල අසුරා මෙම කසිප්පු මෙම නිලධාරියා විසින් යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී හසුවී ඇත්තේ ක්ෂණික මාර්ග බාධක සෝදිසි මුරපොලක නිලධාරීන් පිරිසකටය.
මෙම නිලධාරියා පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් බීමත්ව සිට ඇති අතර ඔහු සතුව රාජකාරි ගිනි අවිය වන පිස්තෝලය ද තිබී හමුවී ඇත.