අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කල් දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
“ඔව් සාමාන්‍ය පෙළ විභාගත් අනිවාර්යෙන්ම මාස එකහමාරකින් විතර කල් යයි. හරියටම උසස් පෙළ විභාග පවත්වන්නේ කවදාද යන්න විභාග කොමසාරිස්වරයා ලබන සතියේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි” යනුවෙන් 2024 වසරට අදාළව පාසල් පෙළපොත් බෙදාහැරීම ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව කීය.