fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රිය පදවද්දී නින්ද ගිහින් 2ක් මරුට

    රිය පදවද්දී නින්ද ගිහින් 2ක් මරුට

    දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී අද (24) උදෑසන ත්‍රිරෝද රථයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 3දෙනෙකු තුවාල ලබා තිබේ.

    මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 31 සහ 34 යන වයස්වල පසුවන ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

    ඔවුන්ගේ සිරුරු ගලේවෙල රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

    ත්‍රිරෝද රථයේ රියදුරුට රිය පදවන අතරතුර නින්ද යාම හේතුවෙන් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න