මිනිස් ඝාතන දෙකකට සම්බන්ධ පාතාල අපරාධකරුවන් තිදෙදෙකුට සිය නිවසේ සැඟව සිටීමට අවස්ථාවක් ලබාදුන් කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයේ සේවයේ නිරත බන්ධනාගාර සැරයන්වරයෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බන්ධනාගාර සැරයන්වරයා රාජගිරිය ,නාවල පාරේ, නාවල ඇවිනිව් හී පදිංකරුවෙකි.
මෙම වසරේ ජූලි 14 වෙනිදා ගලපිටමඩදී දුනුමාල සරත් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ යතුරුපැදිකරුට හා මෙම වසරේම මැයි 20 වෙනිදා බොරැල්ල ,වනාතමුල්ලේදී වෙඩි තබා මරා දැමූ සංජීව නැමැති අය මරා දැමූ වෙඩික්කරු සමඟ පැමිණි අපරාධකරු සහ තවත් අයෙකුට රැකවරණය ලැබී ඇත්තේ මෙම බන්ධනාගාර නිලධාරියාට අයත් රාජගිරියේ පිහිටි තෙමහල් නිවසේ බවද අනාවරණය වී තිබේ.
මෙම බන්ධනාගාර සැරයන්වරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත්තේ දුනමාල සරත්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගමත රදවාගෙන විමර්ශන පවත්වන සැකකරුවෙකුගෙන් කරනු ලබන ප්රශ්න කිරීමේදීය.