fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය සේවයත් ප්‍රතිව්‍යුහගත කරන අතුරු වාර්තාව ළඟදීම..

    දුම්රිය සේවයත් ප්‍රතිව්‍යුහගත කරන අතුරු වාර්තාව ළඟදීම..

    දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාව ලබන මස මුල දී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට නියමිතව තිබේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ කමිටුව මේ බව පැවසීය.

    කමිටුව අද යළි රැස්වන බව එහි සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අලාභය පියවා කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා යෝජනා කමිටුව මගින් සලකා බැලෙනු ඇති.

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ද කමිටුවට ඇතුළත් බව කේ. ඩි. එස්. රුවන් චන්ද්‍ර මහතා පැවසීය.

    යෝජනා සකස් කිරීමේදි ඔවුන්ගේ අදහස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

    දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනා ඇතුළත් අවසන් වාර්තාව ලබන මස අග කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.