කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ සිදුකිරීමට අද (20) සිට නොහැකි බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
විකිරණ විද්‍යා නිලධාරීන්ගේ හිඟය ඊට හේතු වී ඇති බව එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සදහන් කළේ ය.
සෞඛ්‍ය අමාතයවරයාගේ උපදෙස් මත පුහුණුව අවසන් කළ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් යොදාගනිමින් මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසුරිය සඳහන් කළේ ය.