තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී උද්දිකට වෙඩි තැබූවන් සොයන්න පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහයත් ගන්න නියෝග

    මන්ත්‍රී උද්දිකට වෙඩි තැබූවන් සොයන්න පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහයත් ගන්න නියෝග

    අනුරාධපුර නි‍වසේදි පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔවුන් හඳුනාගැනීමට පොලිස් බුද්ධි අංශවල සහ පෞද්ගලික ඔත්තුකරුවන්ගේ සහාය ද ලබාගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත.

    සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර පොලීසියට නියෝග කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද එහිදී දැනුම්දී ඇත.

    ඉකුත් 17 වනදා රාත්‍රියේදී අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ නිවස අසලදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img