තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දොස්තරගේ ලක්ෂ 40ක මංගල මුද්ද උස්සලා

    දොස්තරගේ ලක්ෂ 40ක මංගල මුද්ද උස්සලා

    වෛද්‍යවරයෙකු සතු රුපියල් ලක්ෂ 40ක් වටිනා දියමන්ති ඔබ්බවන ලද මංගල මුදුවක් සොරාගැනීමක් සම්බන්ධයෙන් දංකොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම වෛද්‍යවරයා සඳලංකාවේ පදිංචිකරුවෙකි. මෙම වෛද්‍යවරයාගේ සහෝදරයා මීගමුවේ පදිංචිකරුවෙකි. ඔහුගේ අවමගුලට සහභාගි වීමට ගොස් ඇත්තේ කුලියට ගත් වෑන් රථයකිනි. ඒ පසුගිය 12 වෙනිදාය. අවමගුල් නිවසට යන විට වෛද්‍යවරයා ඔහුගේ අතේ පැළද තිබුණු මංගල මුදුව ගලවා මුදල් පසුබියේ දමා තිබී ඇත.

    සහෝදරයාගේ අවසන් කටයුතු අවසන්ව නිවසට ගොස් සිටියදී දියණිය විසින් මුද්ද මතක්කර ඇති බවත් එය මුදල් පසුම්බියේ ඇති බව පවා ඔහුට මතක් වී ඇත්තේ එහිදී බවත් පොලීසිය කියයි.

    ඒ අනුව මුදල් පසුම්බිය විවෘතකර බැලීමේදී මුද්ද පමණක් නොව ඒ තුළ තිබුණු රුපියල් ලක්ෂ 14ක විදෙස් මුදල් තොගයක්ද අතුරුදන්ව ඇති බව වෛද්‍යවරයා දැක තිබේ. ඒ බව ඔහු දංකොටුව පොලීසියට පැමිණිලිකර ඇත්තේ ඊයේ (17) දිනයේදීය. ඒ වෑන් රථ රියදුරුගෙන්ද ඒ ගැන විමසා සොයා බැලීමකින් අනතුරුවය. වෑන් රථ රියදුරු පවසා ඇත්තේ වෑන් රථය තුළ වැටී තිබී හෝ මුද්දක් හමු නොවූ බවය.

    දංකොටුව පොලීසිය සැකකරනුයේ මෙම මුද්ද වෑන් රථයේ රියදුරු විසින් සොරා ගන්නට ඇති බවය. ඒ මළ ගෙදර වැඩ කටයුතු සිදුවන විට මුදල් පසුම්බිය තිබී ඇත්තේ වෑන් රථයේ වන බැවිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img