තවත්
    මුල් පිටුවදේශීය පුවත්රහස් පොලිසියේ WSSP ලෙස රගපා PHI ගෙන් ලක්ෂ 05ක් කඩ ාගත් 24රේ...

    රහස් පොලිසියේ WSSP ලෙස රගපා PHI ගෙන් ලක්ෂ 05ක් කඩ ාගත් 24රේ කත කොටුවේ

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස පෙනී සිටිමින් මොරටුව මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රවටා රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාගත් රක්ෂණ සේවිකාවක් මොරටුව පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    බොරැල්ල සරණපාල හිමි මාවතේ පදිංචිකාරියක් වන මෙම කාන්තාව අවුරුදු 24ක් වයසැති තැනැත්තියකි.

    මෙම තරුණිය සේවයේ නිරතව සිටින්නේ පුද්ගලික රක්ෂණ ආයතනයක ගල්කිස්සේ පිහිටි නියෝජිතායතනයක බවද පොලීසිය කියයි.

    මෙම තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක් ලෙස පෙනී සිටි ඇත්තේ ව්‍යාජ ලෙස සකස්කල පොලිස් හැදුණුම්පතක් සහ පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂද යොදාගෙනය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව ඇය විසින් රවටා ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂයාට එරෙහිව වංචා කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ලැබී ඇතැයි පවසමිනි.

    ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය සතුව තිබී ව්‍යාජ පොලිස් හැදුණුම්පත සහ ලිපි ශීර්ෂ ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img